කොත්මලේ වාන් දමයි.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇත. 

තවදුරටත් ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය දැනුම් දී ඇත්තේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව පසුවන ලෙසයි.

Exit mobile version