හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගින්ට ටිකට් පත් නිසි ලෙස නිකුත් නොකිරිමත් සමග එම බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, ඩයගම, ෆෝඩයිස්, සලංක්නද, සාමිමලේ, වැනි මාර්ගවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් තමන්ගෙන් මුදල් ලබා ගෙන තමන්ට ටිකට් පත් ලබා නොදෙන බවත්ය.
මෙකි බස් රථවලින් තමන් ටිකට් ඉල්ලන විට එකි බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් තමන්ට බැන වදින බවත් එසේ බැනවදිමින් බසයෙන් බසින ලෙසට තර්ජනය කරන බවත් මෙවන් අවස්ථාවලදි තමන් අසරන තත්වයන්ට පත්වන බවත්ය.
මෙසේ තමන්ට මෙකි බස් රථවලින් ටිකට් පත් ලබා නොදිමෙන් යම් හෙයකින් මෙම බස් රථයක් අනතුරකට ලක් වුවහොත් එම බස් රථයේ තමන් ගමන් ගත් බව සනාත කිරිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙසේ මෙකි බස් රථවල ගමන් කරන තමන්ව මෙවැනි දුෂ්කරතාවයන්ට පත් කරන පුද්ගලික බස් රථ පිලිබදව මධ්‍යම පලාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ බලධාරින්ගේ දැඩි අවධානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.