කොපමණ ඇස් දන් දුන්නත් තවමත් අන්ධ පාකිස්තානුවන්.

එක්සත් ලාංකීය කාන්තා පක්ෂය නියෝජනය කරන ටිකිරි සුභාෂිණී විප්ෆ්ලර් මහත්මිය විසින් ප්‍රියන්ත කුමාර මහතාට පාකිස්තානයේදී සිදු වූ අවාසනාවන්ත තත්ත්වය පිලිබද සිය Facebook ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි.

“බෞද්ධ පන්සීය පනස් ජාතක කතා වල එන ගව් ගණන් දුර කාන්තාර ඇත්තේ පකිස්ථානයේය.අපිට පකිස්තානයට ඇති දුර හිතවත්කම සම්බන්ධ කම කියන්නට ඒ දුර ඇති බව මට සිතේ.ඉම්රාන් ඛාන් අප සැවොම ආදරය කළ ක්‍රිකට් වීරයෙකි.ඔහු අගමැති වන රටේ අපේ මිනිසකු ඝාතනය විය.එය අප සැමගේ හදවත් කම්පනය කල බව සැබෑය.ඒ හරහා නැවත අවදිවූ අතීතයේ භිතීන් ගැන නිමක් කොනක් නැතුව උදාහරණ දෙන්නට හැකිය.ඉම්රාන් නීතිය නවන්නේ නැත.පැය 24 කට මත්තෙන් 120 ක් අත්අඩංගුවට ගැනුනි.පාකිස්ථාන ජනතාව යුද්ධය දිනීමට උදව් කල ජනතාවකි.ඔවුන්ගේ දරුවන්ද ,බදු මුදල්ද ඒ වෙනුවෙන් යෙදවිය.යුද්ධය ඇති වීම හා දිග්ගැස්සීම ගැන මගේ මතය වෙනස් වුවත් එය අවසාන වීම යහපත්ය.එහි අවසානයට උදව් කළ රටවල් වලින් චීනය අපව ණය උගුලට හිර කරන විට පකිස්තානය අපේ මිතුරා විය.කොවිඩ් මරණ සිද්ධිය ගැන ඉම්රාන් අපේ රටට ආවේය.ඇවිලෙන්නට ගිය ආගමික අන්තවාදයේ ගිනිදැල් සමනය වුයේ ඔහුගේ පැමිණීමය.ඉම්රාන් ප්‍රියන්තගේ ඝාතකයන්ට දිය හැකි උපරිම දඬුවම දෙනු ඇත.එයට හේතු කිහිපයක් පවතී.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය පළමු වැන්නය.ඒ අපේ රටේ අලුත්ගම මිනුවන්ගොඩ සිද්ධීන් දන්නා නිසාය.අනෙක් අතින් ජාත්‍යන්තරයය.ඉම්රාන් ගේ රට වසර 40 ක් සිට ඇෆ්ගානු අන්ත වාදයෙන් පිඩා විඳියි.දිනපතා පකිස්ථානයේ ඇෆ්ගානු දේශ සිමා සරණාගත කඳවුරුය.කාන්තාවන් දුෂණය වීම සිට ජාතියේ මිශ්‍ර වීම හා තවත් ප්‍රශ්නද ,අන්තවාදයද ඉම්රාන් ලාට විශාල ගැටළුවකි.ඇමෙරිකාව ඉවත්ව ගිය පසු නැවතත් ලක්ෂ ගණනින් භාරගත්තේ ඔවුන්ය.ඔවුන්ට මේ අන්තවාදය ඇතිවී තිබේ.භූ දේශපාලනය ඇෆ්ගානු මෙහෙයවීම පකිස්තානයට කරදරයකි.එහෙත් දුෂ්කර ආර්ථික තත්ත්වයක සිටින ඔවුනට ජාත්‍යන්තරය වැදගත්ය.ඔවුන් ජාත්‍යන්තර අරමුදලෙන් ණය ඉල්ලා ඇත.එවැනි ණය වලට මෙවැනි සිද්ධි නරක ලෙස බලපායි.ඒ නිසා පකිස්තානය ප්‍රියන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කල යුතුය.ඒ ඇරෙන්නට තැන තැන ව්‍යාප්ත අන්තවාදීන් ආණ්ඩු මට්ටු කරන්නට නම් මෙවැනි සිද්ධියකට ලෝක ප්‍රසිද්ධ තීන්දුවක් දිය යුතුය.මම නම් එය පකිස්තානය දෙසින් අපේක්ෂාවෙන් සිටිමි.

මට අපේ ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය සිහිවේ.රියදුරා ජීවිතය පරදුවට තබමින් අපේ ක්‍රීඩකයන් ආරක්ෂා ව වෙත ගෙන ගියේය.ඒ තුල වුයේ ජාතියක අභිමානය ගැන වගවීමක් පමණක් නොවේ තවත් ජාතියක හදවත ට නොරිදවිමය.අපි පකිස්ථාන යේ නායකයා මුරුංගා අත්තේ නොතියමු.අන්තවාදීන් ද සුද්ධ නොකරමු.එත් වෘත්තීය කරුණු හා බැඳුණු නිවැරදිවම ආගමික අන්ත වාදය ලෙස ඔප්පු නොවූ කරුණක් ගැන ප්‍රවේශම් වෙමු.බොහෝ දෙනෙක් බොරදියේ මාළු බාමින් සිටිති.ඇතැමෙකු ඉස්ලාමය ගැන සංවාදයක් අවශ්‍ය යයි කියති.ඔවු ඉස්ලාමය ගැන හා ලාංකීය ඉස්ලාමයද,අන්තවාදය හා ලාංකික අන්තවාදය ගැනද සංවාද කල යුතුය,එත් ඒ සඳහා මොහොත වන්නේ මෙය නොවේ.මේ මොහොතේ හැඟීම් වලින් සංවාද ආරම්භ කරන අතර ඒවා අවසන් වන්නේ මහා විනාශයන් සමග හැඟීම් වලිනි.අප සංවාද කල යුත්තේ සංවාදයේ හරය බුද්ධියෙන් වටහා ගත හැකි විට මිස මරණයේ දුම්රොටු වල කළු දුමාරය දැක දැක නොවේ.මේ මොහොතේ ඇති විය හැකි හැම සංවාදයක්ම ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් විය යුතුය.දේශපාලනය පක්ෂ විපක්ෂ සැවොම ගැටුමකින් ප්‍රයෝජන ගැනීමට බලා සිටිති.එහෙත් ඒ ගැටුම ප්‍රියන්ත ගේ ආත්මය පාවාදී කරන්නක් නොවිය යුතුය.ඔහු ගේ ආත්මයට නිවීම ලැබීමට නම් අපි අපේ රටේ ඇතිවෙමින් පවතින උණුසුම් කිරීම හා ඒ මතින් ගොඩ යාම ගැන අවබෝධයෙන් සිටිය යුතුය.මහා විනාශයක පෙරනිමිති සමාජය තුළ බිහිවෙමින් තිබේ.ඒ විනාශය වලකා ගත යුතුය.එය අපගේ යුතුකමය.පකිස්තානය පසු තැවෙමින් සිටි..ඒ බව අප වටහා ගත යුතුය.පිළිගත යුතුය.”

Exit mobile version