මතුගම භූපානි ට්‍රේඩර්ස් (පුද්ගලික) සමාගමේ හිමිකරු වන සෝමසිරි ප්‍රනාන්දු මහතා සියදිවි නසාගෙන ඇත.
සිත් තැවුලට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම මෙම සියදිවි නසා ගැනීමට හේතුව වී ඇති බව සඳහන් වන අතර මේ සම්බන්ධයෙන් මතුගම කොමර්ෂල් බැංකු ශාඛාව වෙත ව්‍යාපාර සුරැකීමේ සභාව විසින් චෝදනා එල්ල කර ඇත.
ප්‍රනාන්දු මහතාගේ දේපළ රජයට සහ මහ බැංකුවට පවරා ගැනීමට කටයුතු කරන බවට කොමර්ෂල් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කිරීම සම්බන්ධයේ ඔහු දැඩි ලෙස කලබල වූ බවත් රජය සහ මහ බැංකුව එම ක්‍රියාමාර්ගය මාස 06කට කල්දමා තිබියදී අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධ තොරතුරු පුවත්පත්වල පල කර ඇති බවත් එමගින් ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වීමත් මෙම සියදිවි නසා ගැනීමට තුඩුදුන් කරුණු ලෙස සඳහන් වේ.
අදාළ ව්‍යාපාරිකයාගේ මරණයට පෙර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කැබිනට් බලතල සහිත නිර්දේශ කොමර්ෂල් බැංකුව විසින් පසුගිය 29 වනදා ප්‍රකාශයට පත්කර ඇති නිවේදනය මගින් එය උල්ලංඝනය කර ඇති බවද සඳහන් වේ.
දේශීය ව්‍යාපර සුරැකීමේ කවුන්සිලයේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා ගෙන් කරන ලද විමසීමකට අනුව මේ පිළිබඳව අනාවරණය වී ඇත.