ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද (27) දිනයේත් සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.
මෙම කටයුතු පසුගිය සතියේ ආරම්භ වූ අතර කොමිෂන් සභා 10ක් සදහා සාමාජිකයින් පත් කිරීමට අදාල අයදුම්පත් කැදවීම සිදු කෙරුණු අතර එහිදී අයදුම්පත් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.
ලැබී තිබූ අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සදහා පුද්ගලයින් කැදවන අතර මෙම කටයුතු අවසන් වීමෙන් පසු නාමලේඛනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.