කොරියාව හා ශ්‍රීලංකාව අතර නව ගිවිසුම්

කොරියානු ජනාධිපති Yoon Suk Yeol ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබුනේ ශ්‍රීලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවටයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් සදහන් කර තිබුනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමිව නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් ද්විපාර්ශ්වික සාකච්චා පැවැත්වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබූ බවයි.

වාර්තා වන ආකාරයට දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්චා ඉවහල් වන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

සාකච්චා කළ සියලු කරුණු පිලිබඳව අදාළ ඉදිරි පියවරයන් ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් දුන් බව දකුණු කොරියානු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලංකාවට අදාළ මේ වන විට කොරියාව ලබා දී ඇති රැකියා අවස්ථා ප්‍ර්‍රමාණය ඉහළ නැංවීම,දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සදහන් කර තිබූ බවට ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version