කොලඹ තත්වය භයානකයි. දිගින් දිගටම ජනතාව එකතුවෙමින් සිටි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව කොලඹ පැවැත්වෙන උද්ඝෝෂණය සදහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් කොලඹ ගාලු මුවදොර පිටියට පැමිණ තිබේ.

ජනතාව ටිකෙන් ටික වැඩි වෙමින් පවතින අතර ජනතාව ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස් වෙන ලෙසයි.

උදැසන ආරම්භ වූ මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ගාලු පාර අවහිර වී තිබේ. එසේම මෙම විරෝදතාව හේතුවෙන් කොලඹ වාහන තදබදයක්ද පවතී.

මේ මොහොත වන විට ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ඔවුන් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයේ යෙදී සිටිති. ඒ අතර ඔවුන්ට සහයෝගය පිණිස විවිද පුද්ගලයන් සංග්‍රහයන්ද ලබා දෙන අතර, යම් පිරිසක් අරක්කු ලබා දී තිබෙන බවද මෙහි විවිධ ස්ථානවල විසිරි තිබෙන කාඩ් බෝඩ් පෙට්ටි වලින් දැක ගත හැකිය.

මීට පෙර පැවති උද්ඝෝෂණවලද මෙසේ යම් සංවිධනාත්මක පිරිසක් උද්ඝෝෂණයේ යෙදෙන ජනතාවට අරක්කු බෙදාහරින වීඩියෝවක් සංසරණය විය. පසුව අපගේ විමර්ශන කණ්ඩායම් විසින් තහවුරු කරගත්තේ එසේ මත්ද්‍රව්‍ය බෙදාහැරියේ දෙෂ්පලකයෙකුගේ අනුදැනුම මත ඔහු විසින් එවන ලද කණ්ඩායමක් විසින් බවයි. කුරුනෑගල ප්‍රදේශයෙන් එම බස් රත් පැමිණ තිබෙන අතර ඔවුන් පැමිණ තිබෙන්නේ උද්ඝෝෂණ කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ අරමුනිනේ බවද තහවුරු විය.

Exit mobile version