කොල්ලන් අයාලේ ගිය යාලේ ආදායම ඉහළට.

පසුගිය දින කිහිපය තුළදී මෙරටට සුඛෝපභෝගී නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා රු.721,541ක ආදායමක් ලැබී තිබේ.

පසුගිය නොවැම්බර් මස 30 සහ දෙසැම්බර් මස 05 වනදා තෙක් වන කාල පරිච්ඡේදය තුළදී එසේ නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ තිබුණි.

මෙතුළින් යාල වනෝද්‍යානයට මෙවැනි ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව  කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.

එම කාලය අතුර තුරදී විදෙස් සංචාරකයින් 632ක් වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණියේ ය.

Exit mobile version