කොල්ලුපිටියේ රිය අනතුරුක් අතරේ ගෑනු වලියකුත්.

 පහරදීමේ සිදුවීමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංුගවට ගෙන තිබේ.ඒ කොල්ලුපිටිය පොලිස් වසමේ සිදු වූ රිය අනතුරක් අතර තුර සිදු වූ පහරදීමක් සම්බන්ධයෙනි.

මෙම කාන්තාවන් දෙදෙනා බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 42 සහ 64 වන වැල්ලවත්ත සහ එල්ලක්කළ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම කාන්තාවන් දෙදෙනා සමීපාරක්ෂක සේවාවන් සපයන පෞද්ගලික ආයතනයක සේවය කරන්නන් වන අතර මෙම සිදුවීමට මුල්ව ඇත්තේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් අතර සිදු වූ අනතුරකි.

බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී මෙම අනතුර ඊයේ (10) සිදුව තිබේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මේ අතර අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු පළා ගොස් ඇති අතර මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනෙක් පහර දෙන අයුරු  සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Exit mobile version