කොවිඩ්,එන්නත්කරණයෙන් ද පාලනය කරගත නොහැකි තත්ත්වයට.

විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ වන විට එන්නත්කරණය තුළින්ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කල නොහැකි තත්වයට පත්ව ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වේගවත් එන්නත් ක්‍රියාවලියකින්ක ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපිට මේ වගේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්වයකට මුහුණ දීම ගැන කණගාටු වෙනවා. අද, හෙට, අනිද්දා, ලබන සුමානේ තියෙන රැල්ල නවත්තන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැළි නවත්වන්න. “

” අපි ජූලි 21 වන දා පැවති සංචරණ සීමා ඉවත් කරනකොටත් දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවෙලා තිබුණා ඩෙල්ටා වෛරසය. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනෙකුට වෛරසය තියෙනවා.”

කොවිඩ් වෛරසය මෙලෙස පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණීමට ප්‍රධානම හේතුව ලෙස ඔහු දැක්වූයේ තීන්දු තීරණ ගැනීමට ඇති ප්‍රමාදයයි.

Exit mobile version