කොවිඩ් ආසාදනයෙන් මියයන දරුවන් ගැන විශේෂ විමර්ශනයක්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භනී කන්තාවන් 5,500 කට පමණ කොවිඩ් වෛරසය වැළඳී ඇති බවයි.

එලෙස වෛරසය වැළඳි මවුවරුන් අතරින් 40 දෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ද එලෙස මියගිය ගර්භනී කාන්තාවන්ගෙන් බොහෝ පිරිසකට වෙනත් සංකූලතා හෝ වෙනත් නිධන්ගත රෝග තිබූ බවද  ඇය සඳහන් කළේ ය.

ගර්භනි කාන්තාවන්ට මෙම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි ඇය පෙන්වා දුන්නේ.

මාතෘ හා ළමා සෞඛ්‍ය ,පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිටින ගැබිණි කාන්තාවන්ගෙන් 70%ක් පමණ එන්නත් ලබාගෙන ඇති බවය.

Exit mobile version