කොවිඩ් ආසාදනය වී සිට ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණි අයෙක් මියයයි.

වයස අවුරුදු 62 හැවිරිදි බණ්ඩාරවෙල, කහත්තේවෙල, සමගි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු ග්‍රාම නිලධාරීවරයෙක් මෙලෙස කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා නිවසට පැමිණීමෙන් පසුව මියගොස් ඇත.

බදුල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණ දින 03කට පසු මෙලෙස ඊයේ (17) උදෑසන මියගොස් ඇත.

එසේම බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 59 දෙනෙකු ඊයේ දිනය තුළ දී හඳුනාගෙන ඇති අතර, ඉන් 37 දෙනෙකු ම ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් වීම විශේෂත්වයකි.

Exit mobile version