අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් පසුවත් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් රජයේ රෝහල්වල පවතින සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ පසුවත් කාලයක් යන තුරු මෙම රෝග ලක්ෂණ විටෙන් විට පෙන්නුම් කරන බවයි.බොහෝ වෙලාවට මාස 06ක් හෝ අවුරුද්දක් යන තුරුත් ඇතැම් අයට මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි පවසන්නේ.
එසේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් 1926 අංකයට කතාකරලා උපදෙස් ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඊයේ (13) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා මෙම අදහස් දක්වා ඇත.