කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ හා කළමනාකරණයට නව වැඩපිළිවෙළක්.

කොවිඩ් – 19 ආසාදනය වූ පුද්ගලයින්ට ඔවුන්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමට හෝ නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීම කළමනාකරණය සඳහා අද සිට නව වැඩපිළිවෙළක් ඇත.

බස්නාහිර පළාත තුළ මෙම නව ක්‍රමවේදය පළමුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

01. නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.

02. කොවිඩ් – 19 ආසාධිතයින් පහත තොරතුරු ඇතුලත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකයට යොමු කළ යුතුය.

අ) රෝග තත්ත්වයේ ස්වභාවය.

I. ශ්වසන අපහසුතා ඇති රෝගීන් – A <Space>

II. උණ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් – B

III. කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් – C

ආ) වයස <space>

ඇ) ජාතික හැඳුනුම්පත අංකය <space >

ඈ) ලිපිනය <space >

03. SMS මගින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.

04. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්වය නිශ්චය කර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසේ)

05. වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධානයට යොමු කෙරෙන රෝගීන් සමග නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබාදෙනු ඇත. (මේ සඳහා වෙන් වූ දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ)

Exit mobile version