කොවිඩ් ආසාදිත අයෙක් පාසලේදී හඳුනාගතහොත්?

පාසල් භූමිය තුළදී කොවිඩ් ආසාදිත අයෙක් හඳුනා ගතහොත් සහ කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙක් හඳුනාගතහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඇතුළත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ යම් පුද්ගලයෙක් (ශිෂ්‍යයෙක්,ගුරුවරයෙක්,අනධ්‍යයන සේවකයෙක් හෝ වෙනත් අයෙක්) හඳුනා ගතහොත් ඒ පුද්ගලයා මුලින් ම පාසලේ වෙනත් ස්ථානයක තැබිය යුතු බවයි.

අනතුරුව මෙසේ හඳුනාගන්නා ලද්දේ ශිෂ්‍යයෙක් නම් වහාම දෙමව්පියන් හෝ භාරකරුවෙක් දැනුවත් කළ යුතු ය.

එමෙන් ම ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරියා ද කඩිනමින් දැනුවත් කළ යුතුය.

මෙලෙස පාසලේ දී හඳුනා ගන්නා ආසාදිත පුද්ගලයා ලඟම පිහිටි රෝහල වෙත ඇතුළත් කිරීමද පාසල් බලධාරීන්ට සිදු කිරීමේ හැකියාව ඇත.

Exit mobile version