රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වූ ළමුන් නිවෙස් තුළම තබා ගනිමින් ප්‍රතිකාර කිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදු කළ යුතු බවයි.
වයස අවුරුදු 2ට වඩා අඩු දරුවන් හා නිදන්ගත රෝගාබාධයන්ගෙන් පෙළෙන දරුවන්ට කොවිඩ් ආසාදනය වී ඇත්නම් ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු බවද එම මහතා ප්‍රකාශ කළේය.
1390 යන දුරකතන අංකය ඔස්සේ ආසාදිත දරුවා සම්බන්ධයෙන් දැනුම් දීම සිදු කළ හැකි බවත්, එසේ දැනුම්දීමකින් තොරව දරුවන් නිවසේ රඳවාගෙන නොසිටින ලෙසත් වෛද්‍ය ඡන්ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම කොවිඩ් ආසාදිත දරුවෙක් නිවසෙහි රඳවාගෙන ප්‍රතිකාර කරන්නේ නම්, අනවශ්‍ය ආකාරයට ඖෂධ සොයා ගොස් දරුවන්ට එම ඖෂධ ලබාදීම සිදු නොකළ යුතු අතර මද උණ තත්ත්වයක් පවතී නම් පමණක් පැරසිටමෝල් බර අනුව ලබාදීමටත්, දරුවා සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමු කරමින් ශරීරය වෙහෙසීමට ඉඩ නොදීමටත්, පෝෂදායී සමබල ආහාර වේලක් දරුවාට ලබා දීමටත් කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය ද සිල්වා මහතා උපදෙස් දී තිබේ.