කොවිඩ් ආසාදිත දරුවන්ට වැලඳෙන නව රෝගී තත්වය කුමක් ද?

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් දරුවන්ට වැලඳෙන MIS – C නැමැති රෝගී තත්ත්වයක් පිළිබඳව වාර්තාවෙමින් පවතින බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කර සිටියේ.

ඔහු සඳහන් කර සිටියේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සති 2ත් 6ත් අතර කාලයෙන් පසුව මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවයි.

මේ වන විට මෙම රෝගී තත්ත්වය නිසා ප්‍රතිකාර ලබන දරුවන් හේතුවෙන් තව දුරටත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ළමුන් ඇතුලත් කර ගැනීමේ හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

Multisystem inflammatory syndrome in children එහෙම නැතිනම් MIS – C  ලෙස හඳුන්වන මෙම රෝගී තත්වය වැලඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇති බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ද මෙම තත්ත්වය පවතින දරුවන් එවාර්තා වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version