කොවිඩ් ආසාදිත මරණ පිළිබඳ අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදනය වී මියයන බොහෝ පුද්ගලයින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් අය බවයි.

පසුගිය දින කිහිපය තුළ දී සිදුව ඇති කොවිඩ් මරණවලින් 99%ක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව සතුව එන්නත් මාත්‍රා මිලියන 08ක් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

බිබිල රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර ඇත.

Exit mobile version