කොවිඩ් ආසාදිත සිසුන්ට විභාගය සඳහා නව වැඩපිළිවෙළක්

මේ වන විට කොවිඩ් ආසාදිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කරන  සියලු පහසුකම් සපයා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් පිහිටුවා ඇති බවත් එම විභාග මධ්‍යස්ථාන වෙත දෙමාපියන් සමග පැමිණ දඑරුවාට විභාගය සඳහා පෙනී සිටීමේ හැකියාව පවතින බවත් වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2943ක දී අයදුම්කරුවන් 340,508 දෙනෙකු පෙනී සිටින බවද විභාග කොමසාරිස් (පාලන සහ විමර්ශන ) අමිත් ජයසුන්දර මහතා පෙන්වා දී ඇත.

Exit mobile version