කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ළමුන්ගේ පැහැදිළි ඉහළ යාමක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය මහතා ප්‍රකාශ කරයි.
පසුගිය දින කිහිපයේ දී එම රෝහලේ කොවිඩ් ආසාදිත ළමුන් 07 දෙනෙකු පමණක් රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර මේ වන විට කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම රෝහලේ ද කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.