ඊයේ (07) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු ආසාදිතයන් වූ කී දෙනෙක් මේ වන විට මියගොස් ඇතිදැයි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා ඇත.
එසේම ස්ථාවර නියෝගය මත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් රතන හිමියන් විමසා සිටියේ කොරෝනා වෛරසය පිළිබඳ තීරණ ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇතිදැයි බවත්, එම කමිටුවේ ආයුර්වේද සහ යූනානි වැනි විකල්ප වෛද්‍ය ක්‍රමවල විශේෂඥයන් පත්කර තිබේ ද යන වගත් ය.
කරාපිටියේ උදාර සම්පත් නමැති බටහිර වෛද්‍යවරයා දේශීය ශාකශාර යොදාගෙන සාදා ඇති ඖෂධය මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව පවසන නමුත් ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් ද යන්න සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස රතන හිමියෝ ඉල්ලා ඇත.
අවසාන වශයෙන් උන්වහන්සේ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ විකල්ප වෛද්‍ය ක්‍රමවේද මගින් කොරෝනා සුවපත් කළ හැකි නම් එන්නත් ලබා ගැනීම අනිවාර්ය නොකළ යුතු බවත් ආයුර්වේද රෝහල්වලට බටහිර වෛද්‍යවරුන් අනුයුක්ත කර ඇති ආකාරයට බටහිර රෝහල්වලට ද ආයුර්වේද වෛද්‍යවරුන් අනුයුක්ත කර ඒකාබද්ධ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරන ලෙසත් ය.