නිව්යෝර්ක් පොලිසිය විසින් ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත් සකස් කළ අමෙරිකානු හෙදියන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.
අදාළ හෙදියන් දෙදෙනා විසින් එසේ ව්‍යාජ ලෙස සකස් කරන ලද කොවිඩ් මර්දන කාඩ්පත් ඩොලර් 220ක පමණ මුදලකට අලෙවිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් අදාළ හෙදියන් දෙදෙනා සහ ඔවුන් සේවය කළ රෝහලේ බලධාරීන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වී ඇත.
නිව්යෝර්ක් පොලිසිය විසින් ඔවුන්ට මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සහ ව්‍යාජ ලෙස කොවිඩ් මර්දන කාඩ්පත් සකස් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ගොනු කර ඇත.