කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුව අවලංගු කරයි.

කොවිඩ් වැළක්වීමේ එන්නත අනිවාර්ය කරමින් පලකෙරුනු ගැසට් පත්‍රය අවලංඟු කර තිබේ.

එම ගැසට් එකට අනුව අප්‍රේල් 30 වන දිනෙන් පසු පොදු ස්ථාන තහනම් කර තිබුණි. එම ගැසට් පත්‍රයට එරෙහිව දේශීය වෛද්‍ය කේන්ද්‍රය මගින් නඩුවක් ද පවරා තිබේ.

ඊට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට එරෙහිව පෞද්ගලික නඩු පැවරීමටද විශාල පිරිසක් කටයුතු කරමින් සංවිදානය වෙමින් සිටියදී මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කිරීමද විශේෂ වන අතර මෙම එන්නත ලබා ගැනීම නිසා බොහෝ දෙනෙකු අතුරු අබාධවලට ලක්ව තිබේ.

මෙම ගැසට් පත්‍රයට විශාල ජනතා විරෝදයක්ද එල්ල වූ අතර කුඩා දරුවන්ට පවා එන්නත ලබා දීමට කටයුතු කල යුතුව තිබුනේ, දරුවන්ට කුමක් හෝ සිදු වුවහොත් එහි වගකීම දෙමාපියන්ට ලබා ගන්නා ලෙස දැනුම් දෙමිනි.

කෙසේ වුවත් එසේ අවලංගු කිරීම පිලිබදව වන නිවේදනය ලිඛිතව අප වෙත ලැබී නැති අතර එය ලැබුණු වහාම මෙහි පලකිරීමට කටයුතු කරනු ඇත.

Exit mobile version