කොවිඩ්, ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් අවසන් වෙයිද?

කොවිඩ් වසංගතයේ අවසානය ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග සනිටුහන් වේ යැයි මේ වන තෙක් සනාථ ‌වී නොමැති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ලොව බොහෝ රටවල සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීම තුළින් කොවිඩ් ව්‍යාපත්ිය යළි ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දී ඇත.

බොහෝ රටවල් කොවිඩ් අවසන් වනවා යැයි සහ වෙනත් විවිධ හේතූන් මත පදනම්ව සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version