ඊයේ (15) සවස මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගියා කුඩා ලොරි රථයක් අනතුරකට ලක් වී ඇත.
මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ දී එම රථය පෙරළීයාම හේතුවෙන් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් ලොරි රථයේ ගමන්ගත් රියදුරු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරින් පසුව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් සහ පොලිස් නිලධාරීන් විසින අනතුර සිදු වූ ස්ථානය සෞඛ්යාරක්ෂිත ක්‍රම යටතේ යථාතත්ත්වයට පත්කර වෙනත් රියදුරෙකු සමග දේහය ආදාහනය සඳහා යොමු කර ඇත.
මුලතිව් ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන ආදාහනාගාර නොමැති බැවින් කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ වව්නියාව, යාපනය හෝ ත්‍රිකුණාමලය දක්වා රැගෙන සිදු වී ඇති බවය.