කොවිඩ් දේහයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළි වූ කරුණු.

මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසා ඇත්තේ, කොවිඩ් ආසාදිත ව මියයන පුද්ගලයන්ගෙන් 30%ක් පමණ පිරිසක් මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වය නිසා බවයි.

කොවිඩ් දේහ සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වලට අනුව මේ බව තහවුරු වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට කොවිඩ් දේහ 100ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති බවයි වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Exit mobile version