කොවිඩ් පිළිබඳ නව දත්ත

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ විට සංකූලතා වැඩි වශයෙන් ඇති කිරීමට හේතුවන ජාන සහිත පුද්ගලයින් පිළිබඳ සොයාගැනීමක් පෝලන්ත වෛද්‍ය විශේෂඥයින් පිරිසක් විසින් සිදුකර ඇත.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ද ශරීර තුළ එවැනි ජාන තිබේද යන්න පිළිබඳව ඉදිරියේ දි පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය ප්‍රකාශ කරයි.

පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණ තුළින් අනාවරණය වී ඇ්තේ එවැනි ජාන සහිත පුද්ගලයින්ට කොවිඩ් ආසාදනය වුවහොත් රෝගී තත්ත්වය උත්සන්න වන බවයි.

Exit mobile version