කොවිඩ් බිළිගත්, තරුණ මාධ්‍යවේදියා.

යාපනය දිස්ත්‍රික්කයේ 26 හැවිරිදි ප්‍රගාස් ඥානප්‍රගාසම් නමැති තරුණ මාධ්‍යවේදියා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත.

ඔහු ඊයේ දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුව ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වන අතර එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

ඔහු පුවත්පත් කිහිපයක හා පෞද්ගලික වෙබ් අඩවි කිහිපයක නිදහස් මාධ්‍ය වේදියෙක් ලෙස කළ අතර අසනීප තත්ත්වයක් නිසා මාධ්‍ය කටයුතු ද රෝද පුටුවක සිට සිදුකළ බව යාපනයේ මාධ්‍යවේදියෙක් අපට ප්‍රකාශ කරන ලදී.

ඔහු සැප්තැම්බර් මස පළමුවැනි දා සිය ට්වීටර් ලිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ,මාංශපේශි දුර්වලතාවයකින් පෙළුණු තමාට කොවිඩ් එන්නත් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ශේප කළ බවයි.

කෙසේ නමුත් , මෙම මාධ්‍යවේදියා අවුරුදු 26ක් වූ අතර, වයස අවු.20 – 30ත් අතර පුද්ගලයින්ට එන්නත් කිරීම ආරම්භ කර තිබුණේ ඊයේ (02) දිනයේ සිටය.

Exit mobile version