සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දිනයේ මෙම කොවිඩ් මරණ 135 ක් තහවුරු කර ඇත.
මෙම වාර්තා වී ඇති මරණ 135න් 64 දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් 71 දෙනා පිරිමි පුද්ගලයින් වන බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
මෙම පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 109 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30 – 59 ත් අතර පුද්ගලයින් 26 දෙනෙක් සිටින බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.