සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 144ක් තහවුරු කර ඇත.
ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද මෙම මරණ 144 ද සමග ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 11, 296ක් ලෙස ඉහළ ගොස් ඇත.
මෙම වාර්තා වී ඇති මරණ 144න් 67 දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් 77 දෙනා පිරිමි පුද්ගලයින් වන බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
මෙම පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 122 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30 – 59 ත් අතර පුද්ගලයින් 21 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු කාන්තාවක් ද සිටින බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.