සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම මරණ ඊයේ (11) දිනයේ වාර්තා වූ මරණ බවයි.
මෙම කොවිඩ් මරණ අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වාර්තා වී ඇත.
මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,950ක් ලෙස ඉහළ ගොස් ඇත.