කොවිඩ් මරණ 6000 සීමාව ඉක්මවයි.

මේ වන විට කොවිඩ් මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ සංඛ්‍යාව ඊයේ (14) දිනයේ දී තහවුරු කරන ලද අතර එය දැනට එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

කාන්තාවන් 78 දෙනෙකු ද පිරිමි පුද්ගලයන් 83 දෙනෙකු ද මෙම මරණ අතර වේ.

මෙලෙස මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු සිටින අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම මරණ 161 සමග දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 6096ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version