සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 72 ක් තහවුරු කර ඇත.
මෙම වාර්තා වී ඇති මරණ 72න් 30 දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් 42 දෙනා පිරිමි පුද්ගලයින් වන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
මෙම පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 60 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30 – 59 ත් අතර පුද්ගලයින් 12 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.