කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්

 කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව ඇත.

නීතිපතිවරයා විසින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදුන් බවයි අද (08) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

මේ වන විට ලෝකයේ බොහොමයක් රටවල් ද කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථාන වෙත ඇතුළු විමට තහනම් කිරිමේ නීත්‍යානුකූල රාමුවක් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version