පොදු ස්ථාන වෙත පවිසීම සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාගත් කාඩ්පත අනිවාර්යය කර තිබුණ ද එය බලාත්මක කිරීමට තවත් සති දෙකක් හෝ තුනක කාලයක් ගතවන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
එමෙන් ම ඊයේ (31) දිනයේ දී නව වසර සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරුණි.
ඒ යටතේ 05 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා 50% ක සාමාන්‍ය ධාරිතාවයකින් යුක්තව උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇත.
ශාලාවේ ප්‍රමාණයට අනුව සාමූහික වශයෙන් ඒකරාශි වීමක දී සාමාන්‍ය ධාරිතාවය 50%ක උපරිමයකටත්, නිවසක් තුළ සිදුකෙරෙන එක්රැස් වීමක දී පුද්ගලයින් 10ක උපරිමයකටත් යටත්ව අවසර හිමිව ඇත.
එමෙන් ම අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුළ දී සිදු කිරීමත් ඊට සහභාගී විය හැකි උපරිමය පුද්ගලයින් 30ක් ලෙසත් දක්වා ඇත.