කොවිඩ් මර්දන එන්නත් වර්ග තේරීමෙන් ඵලක් නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් වෛරසය මර්දනයට රටවල් කිහිපයකින්ම විවිධ එන්නත් වර්ග කිහිපයක්ම මේ වන විට ලංකාවේ එන්නත්කරණය ට යොදා ගැනේ.

මෙම එන්නත් ලබා ගැනීමේදී තේරීමක් සිදු නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

දැනට ලබාදෙන සෑම එන්නතක් ම කොවිඩ් වෛරසය මර්දනය කිරීමට අනුමත කරන ලද එන්නත් වන අතර, එන්නත්කරණයේ දී බිය වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ලංකාව තුළ සිදුව ඇති 60ට වැඩි කොවිඩ් මරණවලින් 70%ට වැඩි ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව සඳහන් වේ.

Exit mobile version