කොවිඩ් මර්දන එන්නත් 50%ට ලබා දී අවසන්

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 50%කට මේ වන විටත් කොවිඩ් මර්දන එන්නත්කරණය සස්පූර්ණ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ,මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ඒ අනුව,එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 10,968,195ක් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 8,973,670 දෙනෙකුට ලබා දී ඇති අතර ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 243, 685 දෙනෙකුට ද ලබා දී ඇත.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 949, 105 දෙනෙකුටත් , ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 43, 453 දෙනෙකුටත් මේ වන විට ලබා දි ඇත.

Exit mobile version