කොවිඩ් මර්ධන එන්නත තවමත් ලබා නොගත් අය පිලිබදව සමීක්ෂණයක් කරන්න. ජනපති කියයි.

තවමත් කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලයන් සොයා එය ලබා ගැනීම සදහා ඔවුන්ව පොළඹවා ගත යුතු බවද අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස (30) පැවති කොවිඩ් අවම කිරීම පිළිබද විශේෂ කමිටුවේ රැස්වීමේදී මෙම උපදෙස් ලබා දී තිබේ.


තවද මෙම රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් 19 ආසාධිතයන්ගෙන් සහ ගොදුරු වූ ය පිලිබදව සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුව 95% ක්ම කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නොකළ අය බවයි.


ඒ අනුව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, තවමත් එන්නත් කර නොමැති ය පිලිබදව වාර්තාවක් ලබා ගන්නා ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

Exit mobile version