කොවිඩ් මාරයා දින 06ක බිළිඳෙක් බිලිගනී

බළංගොඩ මූලික රෝහලේ දී දින 06ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව සිට මියගොස් ඇති බව වාර්තාවෙයි.

ඉකුත් 05 වනදා එම දරුවා බිහිකර ඇත්තේ බළංගොඩ,බෝම්බුව ප්‍රදේශයේ මවක් වන අතර පසුව එම බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිව තිබේ .

 මේ නිසා අදාළ බිළිඳා නොමේරූ  ළඳරු ඒකකයට යොමුකර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී දින 06කට පසු එනම් ඊයේ (12) දින එම බිළිඳා මියගොස් ඇත.

පසුව සිදුකරන ලද PCR  පරීක්ෂණයකින් එම බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත.

Exit mobile version