කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගිය කොළඹ ජාතික රෝහල

කොළඹ ජාතික රෝහලේ High Dependency Unit (HDU) ඇඳන් සියල්ල කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට යළිත් කොවිඩ් ආසාදිත දෛනික රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවත් මෙනිසා පැහැදිලිවම යළිත් කොවිඩ් රැල්ලක් ඇති වෙමින් පවතින බවත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා පෙන්වා දී ඇත.

එම අනතුරුදායක තත්ත්වයෙන් ඉව්තවීමට නම් අනිවාර්යයෙන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතු බවද වෛද්‍යවරයා මෙහි දී අවධාරණය කර ඇත.

අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්   කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version