කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරීගොස් ඇත – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු නිවේදන

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසයි.

කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබූ කොවිඩ් වාට්ටු මේ වන විට බොහෝ රෝහල්වල සාමාන්‍ය රෝගීන් වෙනුවෙන් ලබා දීම හේතුවෙන් රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ වන විට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000කට ආසන්නව වාර්තා වන නමුත් ජනමාධ්‍ය හරහා එය ප්‍රකාශ නොවන බවත් ය.

මේ වන විට  ප්‍රතිකාර මධ්‍යස්ථාන කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත් තව දුරටත් මෙසේ ආසාදිතයින් වාර්තා වුවහොත් එය සෞඛ්‍ය අංශයන්ට දරාගත නොහැකි තත්ත්වයක් විය හැකි බවට ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version