කොවිඩ් රෝගීන්ට පිහිට වූ ඉටුකම අරමුදල වසා දැමේ.

මෙරට කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ආරම්භ වුණු “ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සදහන් කර ඇත්තේ ඒ අනුව “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි.

එම නිසා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පරිත්‍යාගශීලීන්ට දැනුම් දී ඇත්තේ එම ගිණුම සදහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සදහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් ය.

මෙම අරමුදල සදහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 )  ප්රිතයාගශිලින්ගෙන් මෙම ගිණුමට ලැබී ඇත.

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර ,එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ජනාධිපති අරමුදල මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ට සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.

Exit mobile version