කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ බෝවන රෝග උපදේශන කාරක සභාව රැස්වෙයි

අද (08) බෝවන රෝග පිළිබඳ උපදේශන කාරක සභාව හදිසියේ කැඳවනු ලැබුවේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි නිර්දේශයන් ලබා ගැනීම සඳහාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මෙම සාකච්ඡාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන උපදෙස් මෙන් ම මේ සම්බන්ධ අනෙක් සංවිධානයන් ද ලබාදෙන උපදෙස් සමාලෝචනය කර අවසානයේ අපේ රටට ගැලපෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න නිර්දේශ කරන බවයි.

එමෙන් ම මේ වන විට රෝහල් තුළ කිසිදු ගැටලුවක් නොමැති බවත් අවශ්‍ය කරන පහසුකම් ඇති බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර ඇත.

Exit mobile version