කොවිඩ් වැළඳුන වැඩිහිටියන් සම්බන්ධයෙන් අනාවරණයක්

අමෙරිකාව සිදුකළ පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ කොවිඩ් වෛරසය වැළඳුන සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයවය හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බවයි.

මෙම පරීක්ෂණය 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමුවනදාට පෙර කොවිඩ් වැලඳුණු වයස අවුරුදු 65ට වැඩි අමෙරිකානුවන් එක්ලක්ෂ තිස්තුන් දහසකට වැඩි පිරිසක් යොදාගනිමින් මෙම පරීක්ෂන සිදු කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්‍රිත රෝග සහ අක්මාව ආශ්‍රිත රෝග වැනි බෝ නොවන රෝග සංකූලතාවයන්ට ගොදුරු වන බවයි.

Exit mobile version