සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වයස්ගත වූ හෝ නිධන්ගත රෝග සහිත පුද්ගලයින් බූස්ටර් එන්නත ලබාගෙන තිබුණ නමුත් කොවිඩ් සංකූලතා ඇතිවීමේ යම් අවදානමක් පවතින බවයි.
මෙනිසා කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ නොසලකා නොහැරිය යුතු බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි හෝ තමන් යම් නිධන්ගත රෝගයකින් පෙලෙන්නේ නම් එවැනි රෝග ලක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.