කොවිඩ් සමයේ හිසට සෙවණක් වූ පීඨයට වින කළ නොමිනිසුන්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් මෙරට සියලුම විද්‍යාපීඨ යොදා ගන්නා ලදී.

මෙහිදී එම විද්‍යා පීඨයන්හි සම්පත්වලට විශාල වශයෙන් හානි සිදුව ඇති බවත් එහි තිබූ සිසුන්ගේ භාණ්ඩවලට පවා විශාල වශයෙන් හානි සිදුව ඇත.

මෙසේ තිබිය දී මේ කිසිවක් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොකර බලධාරීන් විසින් මෙම මස 15 වනදා සිට විද්‍යා පීඨ සිසුන් කැඳවීමට පියවර ගනිමින් සිටින බවට සිසුන් චෝදනා කරනු ලබයි.

එසේ පැමිණීමට අකමැති සිසුන් බලහත්කාරයෙන් හෝ පීඨ තුළට කැඳවීමට කටයුතු කරන බවට ද සිසුන් විසින් චෝදනා කර ඇත.

සිසුන් මෙහි දී පෙන්වා දී ඇත්තේ ජෛව බුබුලත් තුළට ඔවුන්ව බඳවා ගන්නා බවට පවසා ලිපි නිකුත් කළ ද, දේශකවරුන් නිවෙස් තුළ සිට පීඨය වෙත පැමිණීමත් ,සිසුන් ගුරු පුහුණුව සඳහා පොදු ප්‍රවාහන සේවය යොදාගෙන බැහැර පාසල් සඳහා යොමු කිරීමත් සිදුකරන බවයි.

මෙම ක්‍රියාවලිය තුළ දී ජෛව බුබුළ බිඳීයාමට ඇති හැකියාව පිළිබඳව සඳහන් කරන සිසුන් ඔවුන් වෙනුවෙන් වගකීමක් ගැනීමට කිසිවෙක් නොසිටීම පිළිබඳව දැඩි කනස්සල්ලට ද පත්ව ඇත.

එමෙන්ම කණගාටුදායක තත්ත්වය වී ඇත්තේ මෙසේ නිරෝධායනය සඳහා මෙම පීඨ වෙත රැගෙන ආ පුද්ගලයින් විසින් සිසුන්ගේ භාණ්ඩ පවා විනාශ කර තිබීමයි.

ඊට විසඳුම් වශයෙන් ලබා දී ඇත්තේ විනාශ වූ භාණ්ඩ සඳහා යළි සිසුන්ට යළි භාණ්ඩ මිලට ගෙන පැමිණීමට දැන්වීම වන අතර ඒ සඳහා මෙම සිසුවන්ට ආර්ථික වශයෙන් හැකියාවක් නොමැති බව ද සිසුන් ප්‍රකාශ කරයි.

Exit mobile version