කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වන විට රටතුළ කොවිඩ් රැල්ලේ සුනාමි තත්ත්වයක් ඇති බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවී ඇත්තේ කොවිඩ් නිසාම පමණක් නොවන බවයි.
එසේ රෝහල්ගත වන බොහෝ රෝගීන් එන්නත් ලබා නොගත් අය වන බවත් එන්නත් ලබාගත් රෝගීන් තුළ රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවත් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මෙහි දී පෙන්වා දී ඇත.
කොවිඩ් දෙවරක් ආසාදනය වන බව දැක ඇති නමුත් මේ වන තෙක් තෙවරක් හෝ සිව්වරක් ආසාදනය වූ අයෙක් වාර්තා නොවී ඇති බවත් ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අද (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පඅවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.
එම මාධ්‍ය හමුවට එක් වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් ද විශාල ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවත් එනිසා රෝගය සමාජගත වී ඇත්දැයි නිෂ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් ය.