කොවිඩ් හේතුවෙන් සිදුවන මළ දරු උපත් දෙගුණ වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මළදරු උපත් බිහිවීමේ ප්‍රවනතාවය දෙගුණයකින් වැඩි වී ඇති බව සී.ඩී.සී.හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය විසින් සිදුකරන ලද අධ්‍යනයකට අනුව හෙළි වී ඇත.

මේ වන විට බරපතල ලෙස ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙලෙස එම අනුපාතය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ සැප්තැම්බර් මස තෙක් කාලය තුළ දී අමෙරිකානු රෝහල් තුළ දී සිදු වූ දරු උපත් මිලියන 1.2 ක් මෙහි දී අධ්‍යනය කර ඇත.

Exit mobile version