කොවිඩ් වෛරසයේ විටින් විට හටගත් විවිධ ප්රභේදයන් පිළිබඳව සලකා බැලීමේ දී වඩාත් දරුණුම ප්‍රභේදයක් පිළිබඳව පළමුව වාර්තා වන්නේ දෙසැම්බර් මාසයේ, ඉන්දියාවෙනි.මෙම ප්‍රභේදය SARS-CoV-2 විභවය වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය යි. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය වැනි ප්‍රබල රාජ්‍යයන් පවා දණ ගැස්සූ මෙම ප්‍රභේදය අද වන විට ශ්‍රී ලංකාව තුළ ද පැතිර යමින් පවතියි.දැනට හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභව අතුරින් දරුණුතම ප්රභවය මෙයයි. මේ නිසා අප සියලුදෙනා මේ ගෙවන්නේ ඉතාමත් ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදයකි.මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ මෙම වසංගතයෙන් 5000 ට අධික පිරිසක් මියගොස් ඇත.මෙම නව ප්‍රභේදය පිළිබඳ දැනුවත් විය යුතු කරුණු කිහිපයකි.
මෙතෙක් සොයාගන්නා ලද අනෙක් වෛරස ප්රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය බෝවීමේ සම්භාවිතාවය වැඩිය.
ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ අප දැනුවත් විය යුතු වඩාත් වැදගත් කරුණ වන්නේ එය සම්ප්‍රේෂණය වීමේ වේගයයි. මේ පිළිබඳව යේල් වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥයෙකු වන එෆ්.පෙරී විල්සන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ” ඩෙල්ටාව නිසැකවම වසංගතය පැතිරීම වේගවත් කරයි”ලෙසයි.2020 දෙසැම්බර් මාසයේ දී ප්‍රථම ඩෙල්ටා රෝගියා හඳුනාගත් අතර, මෙම ප්‍රභේදය ඉන්දියාවේ සහ පසුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධන වික්‍රියාව බවට පත්විය.CDC ඇස්තමේන්තුවලට අනුව ජූලි මාසය අවසානය වන විට එක්සත් ජනපදයේ නව කොවිඩ් රෝගීන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ඩෙල්ටා ප්‍රභේදය වැලඳි රෝගීන් ය.ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.
එන්නත් නොකළ පුද්ගලයින් මෙමගින් අවදානමට ලක් ව ඇත.
දැනට වාර්තා වන රෝගීන් පිළිබඳව සැලකීමේ දී එන්නත් ලබා නොගත් පුද්ගලයින් මෙම වෛරස් ප්‍රභේදය තුළින් වඩාත් අවදානමට ලක් වී ඇත.අනෙකුත් වෛරස් ප්‍රභේදයන්ගෙන් බොහෝ විට තරුණයින්ට හා දරුවන්ට එතරම් බලපෑමක් නොතිබුණත් ඩෙල්ටා ප්‍රභේදයෙන් එම වයස් කාණ්ඩවල අයට ද බලපෑමක් එල්ල වී ඇත.මේ නිසා එන්නත්කරණය සිදු කර ගැනීම අනිවාර්යය වේ.එක්සත් රාජධානියේ මෑතක දී කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 50 ට අඩු ළමයින්ට හා වැඩිහිටියන්ට ඩෙල්ටාව ආසාදනය වීමේ අවධානම 2.5 ගුණයකින් වැඩි බවයි.
මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ පෙර පැවති වෛරස් කාණ්ඩවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය තරුණ වයස් කණ්ඩායම් කෙරෙහි වැඩි බලපෑමක් ඇති බවයි.එන්නත තුළින් මෙම අවදානම යම් ප්‍රමාණයකින් හෝ අඩු වන බව සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙල්ටා ප්‍රභේදය “Hyperlocal Outbreaks” වලට තුඩු දිය හැකිය.
මෙම වසංගත තත්ත්වය පැතිරවීමට ඩෙල්ටා වේගයෙන් ඉදිරියට යමින් සිටියි නම්, ආචාර්ය විල්සන් පවසන්නේ විශාලතම ප්රශ්නය වන්නේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව, කොපමණ පිරිසකට ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වෙයි ද?,එය කෙතරම් වේගයකින් ව්‍යාප්ත වේද? පිලිබදව කිව නොහැකි බවය .මෙය ඇතැම්විට පුද්ගලයෙක් ජීවත්වන ස්ථානය හා එහි ජීවත්වන්නනන්ගෙන් කීදෙනෙකුට එන්නත ලබා දී ඇති ද? යන්න මත තීරණය විය හැකිය.ඇතැම් විශේෂඥයන් පවසන්නේ එක්සත් ජනපදයේ සාපේක්ෂව ඉහළ එන්නත්කරණයක් දක්තට ලැබෙන නිසා මෙය පාලනය කළ හැකි මට්ටමක පවතින බවයි.නැතහොත් එන්නත් කිරීමේ අනුපාතය හා ඩෙල්ටා ප්‍රභේදය අතර තරඟයක් පවතින බවයි.
කෙසේ වෙතත්, අවුරුදු 03 හෝ 04ක් පැවතිය හැකි වසංගතය, ප්‍රමාණවත් පුද්ගලයින්ට එන්නත ලබාදුන් විට හෝ ස්වභාවිකව ම ප්‍රතිශක්තිකරණය ලැබුවහොත් මෙම වසංගත තත්ත්වය ඉහළයාම කෙටි කාලයකින් සංකෝචනය වේ.
ඩෙල්ටා ප්රභවය පිළිබඳ අධ්‍යයන කිරීමට බොහෝ දේ ඇත.
කොවිඩ් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී වැදගත්ම කරුණක් වන්නේ මුල් වෛරස ප්රභවයන්ට වඩා ඩෙල්ටා ප්රභවය දැඩි ලෙස ඔබව රෝගී කරයිද යන්නයි.නමුත් බොහෝ විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් තවමත් මේ පිළිබඳව දීර්ඝ ලෙස නොදන්නා කරුණක් බවයි.එයට හේතුව මෙම ප්‍රභවයේ විශ්ලේෂණය ඉතා ගැඹුරු මෙන්ම සංකීර්ණ වීමයි.ඩෙල්ටා ප්‍රභවයේ බරපතල තත්ත්වය පිළිබඳව මුල්ම අධ්‍යනය ස්කොට්ලන්තය කරන ලද අතර ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා මෙන් දෙගුණයක් පමණ එන්නත් නොකළ පුද්ගලයින් රෝහල්ගත කිරීමට ඉඩ ඇති නමුත් අනෙක් දත්තවලින් මෙම ප්‍රභේද 02 ක අතර සැලකිය යුතු වෙනසක් නොපෙන්වයි.
ඩෙල්ටා වෛරසය ශරීරයට බලපාන්නේ කෙසේද යන්න තවත් ගැටලුවකි.මුල් කොරෝනා වෛරස් ප්රභේදවල රෝග ලක්ෂණ සමග සසඳන විට කැස්ස සහ සුවඳ දැනීම නැති වීම සාමාන්‍යයෙන් අඩු බවක් පෙන්වයි.හිසරදය,උගුරේ අමාරුව,නාසයෙන් සොටු දියර ගැලීම හා උණ ආදී රෝග ලක්ෂණ, මෑත කාලීන සමීක්ෂණයක් මත පදනම්ව එක්සත් රාජධානිය සොයාගෙන ඇති පරිදි 90% කටත් වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා වෛරසය නිසා ඇති කරන ලක්ෂණ වේ.
පෙර පැවති තත්ත්වයට අනුව කොවිඩ් ආසාදනය වීමෙන් එන්නත් ලබා ඇති හෝ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇති පුද්ගලයින්ට ඩෙල්ටා වෛරසයෙන් වැඩි අපහසුවක් ඇති කළ හැකි අවස්ථා තිබේද යන්න තවමත් පැහැදිලි නැත.ෆයිසර්-බයොඑන්ටෙක් එන්නත රෝග ලක්ෂණවලට එරෙහිව 88% ක් සහ ඩෙල්ටා වෛරසයෙන් රෝහල්ගත වීමට එරෙහිව 96%ක් ඵලදායී වන අතර, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා රෝග ලක්ෂනවලට එරෙහිව 60% ක් හා රෝහල්ගතවීමේ දී 93% ක් ක්‍රියාකාරී බව අධ්‍යනයන්ගෙන් සොයාගෙන ඇත.
ඩෙල්ටා වෛරසයට එරෙහිව ඇති හොඳම ආරක්ෂාව එන්නතයි.
ලොව පුරා වෛද්‍යවරුන් විසින් පවසා සිටින්නේ ඩෙල්ටා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම හා වැදගත්ම ආරක්ෂාව වන්නේ සම්පූර්ණයෙන් ම එන්නත ලබා ගැනීම බවයි.මේ අවස්ථාවේ එයින් අදහස් කරනු ලබන්නේ, උදාහරණ ලෙස මොඩර්නා හෝ ෆයිසර් වැනි මාත්‍රා දෙකකින් යුත් එන්නතක් ලබා ගන්නේ නම්, ඔබ මාත්‍රා දෙකම ලබාගත යුතු අතර පසුව එම එන්නත්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් නිර්දේශිත සති දෙකක කාලයක් සිටිය යුතු බවයි.
ඔබ එන්නත ලබා ගත්ත ද, ලබා නොගත්ත ද ඔබ විසින් මෙම වෛරස තත්ත්වයෙන් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින් ම පිළිපැදීම වැදගත් ය.එසේම මුහුණු ආවරණවලට අමතර ආරක්ෂාවක් සැපයිය හැකි අතර එන්නත ලබා ගත් පුද්ගලයින් අතර පවා මුහුණු ආවරණ පැළඳීම වඩාත් යෝග්‍ය බවට ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් දැනුවත් කර ඇත.