ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර ඇති පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මෙලෙස ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවනු ලබන්නේ කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙනි.
ඒ අනුව කොළඹ 02,03,04,05,07,08, සහ 10 යන ප්‍රදේශ වලට අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදැසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.